Description

ශ්‍රී ලාංකේය සමාජ, සංස්කෘතික දේශපාලන සන්දර්භය සාහසික ලෙස නිරුවත් කෙරෙන ඉන්ද්‍රජාලික යථාර්ථවාදී නවකතාව

මේ මොහොතේ ම මෝටර් බෝට්ටුවකින් තම්බපන්නි වෙරළට ගොඩ බට ලොරෙන්සෝ ද අල්මේදා පුත්තලම් බූරුවෙකු පිට නැඟී රේස් එකේ වේගයෙන් එන්නේ පිනුමක් ගසමින් ම බූරුවා පිටින් බිමට පනින්නේ කජු පුහුලම් වලින් වඳුරන්ට පහර දෙන්නට පටන් ගත්තේ ය. වඳුරෝ ද රොබින් හුඩ් ගේ හී පහරට බයේ ක්‍රෑස් ක්‍රෑස් ගා විලාප තබමින් ද ලොරෙන්සෝ ද අල්මේදා ගේ පුහුලම් ප්‍රහාරයෙන් යම් මෘදු ආස්වාදයක් ලබමින් ද පෙරළී පෙරළී දුවති. ඇඹරි ඇඹරි පනිති. ගස්වලින් බිමට වැටෙති. යළිත් මොහොතට දෙකට ගස් බද ගා අත්තෙන් අත්තට පනිති.

Additional information

Weight 425 g
book-author