Description
මෙරට ආන්දෝලනාත්මක දේශපාලන ඝාතනයක් වූ අගමැති බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයට අදාළ සියලුම චරිත පසුබිම් කරගනිමින් රචිත මෙම නවකතාව ඉතා ආකර්ෂණීය ලෙසින් නිර්මාණය කර ඇත.
පාඨක මනස තුළ චිත්‍රණය කෙරෙයි. 2017 ගොඩගේ සාහිත්‍ය සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාවයි.
කෑගසාගෙන දෑතින් පපුව අල්ලා එහා මෙහා වැනෙන්නට වූ අගමැති දෙකට නැවිණි. එසේ ඔහු වේදනාවෙන් මිරිකෙමින් මිරිකෙමින් දෙකට නැවී සාලයට යෑමට වෑයම් කළේ වුව දෙපා වාරුනැතියෙන් ඔහු බිත්තියකට තම උර දුන්නේ ය. ඔහුගේ ඇඳ සිටි සරම දිගේ නොනැවතී රුහිරු වැගිරේ. ඔහු සිටි තැන ලේ කඩිත්තක් තැනෙමින් තිබිණ. තම සුදු ඇඳුම් රුධිරයෙන් තෙත්ව රත්පැහැ ගැන්වෙනවා ඔහුට දැනුණේ නැත. නැවී බිත්තියට හේත්තුව වේදනාවෙන් කෙඳිරිලි නඟන ඔහුට තම දෑස් නිලංකාරවනවා දැනිණ.