Description

Diary of Mr. John Doily

ශ්‍රීමත් ජෝන් ඩොයිලි බාට් 1810 – 1815 කාලය තුළ කන්ද උඩරට පළාත්වල බ්‍රිතාන්‍ය රජයේ නේවාසික ප්‍රධාන බලධර ඒජන්ත සහ පළමු කොමසාරිස්.කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට ඈදා ගැනීමට ඉංග්‍රීසි ජාතිකයන් යෙදූ උපක්‍රම ආදිය ද කියැවෙන මෙයින් සමකාලීන ලංකාවේ සමාජය,චාරිත්‍ර වාරිත්‍ර,වෙළෙඳ ක්‍රම,මුදල් ඒකක ආදිය පිළිබඳ තොරතුරු පමණක් නොව නායක්කාර් රජුගේ පාලනයට එරෙහිව උඩරට රදලයන් මෙන්ම මෙරට සංඝ සමාජය හා සාමාන්‍ය වැසියන්ද කටයුතු කර ඇති ආකාරය මනාව හෙළි කර ගත හැකිය.

එංගලන්තයේ සිට තුරුණු වියේදීම මෙරටට පැමිණ සිංහල බස මනාව ඉගෙන ගෙන හෙළ සංස්කෘතිය මැනවින් අධ්‍යනය කළ ඩොයිලි, එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයන්, සංඝයා වහන්සේලා ඇසුරු කරමින් උඩ පහත දෙරටේ ම වැසියන්ගෙන් සමන්විත වූ චර පුරුෂ සේවයක් මනාව මෙහෙයවීය.

ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයට ද, ඉංග්‍රීසි ආක්‍රමණය හුදෙක් නායක්කර් රජුගේ අත්තනෝමතික හා කෘර පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනීමේ පිරිසිදු චේතනාවෙන්මය යන ජන මතයට ද ඩොයිලි මනාව නායකත්වය සැපයුවේ ය.

1815 දී ඔහු එකම බ්‍රිතාන්‍ය සෙබළෙකුගේ හෝ ජීවිතයකට හානි වීමට ඉඩ නොතබා ඉපැරණි කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට නතු කර දුන්නේ ය.

Additional information

Weight 550 g
book-author