Description

”ඉන්න”

”මා මෙතන සිටිනවා. මගේ අර්ජුමාන් ඇයි මේ?”

”නින්ද .” ඇය මිමිණුවා ය. ” මා ඉක්මනින්ම නින්දට යා යුතුයි. මා ළඟින්ම ඉන්න.” අධිරාජ්‍යයා ඇගේ නළලත සිප ගත්තේ ය. ”හීනයක් වගේ…. ඔව්… හීනයක් වගේ ඔබේ මුහුණත් මට බොඳ වී පෙනෙනවා.”

”සන්සුන් වන්න…” අධිරාජ්‍යයා ඇගේ දෑත තදින් අල්ලා ගන්නා අතරතුර අණ කළේ වහා වෙදැදුරු කැඳවන ලෙසිනි. ”මගේ ප්‍රේමවන්තය, ඉතා තද නිදිමතක් මට දැනෙනවා. ඒ නින්දට නොවැටී මට වැඩි වේලාවක් මෙසේ ඉන්නට බැහැ.” ඔහුගේ හුස්ම තම මුහුණට වැදීම පවා අර්ජුමාන්ට සුවයක් වූයේය.

”ඔබ මට පොරොන්දුවක් විය යුතුයි.”

”ඔබ ඉල්ලා සිටින කුමක් වුවත් මගේ ආදරිය.”

ෂා ජහාන් අධිරාජ්‍යයාගේ දෙනෙතින් ගලා ගිය කඳුළු කැට ඔහුගේ කම්මුල් හරහා පහළට රූටා ඇගේ ගෙල දෙපස තෙත් කාලේ ය. ඇය ඔහුගේ දෙනෙත් පිසලන්නට උත්සාහ දැරුවද තම දෑත් සොලවන්නට යට අසීරු වූයේ ය.

”මගේ ආදරණිය ෂා ජහාන්, නැවත විවාහ වන්නට එපා. මට පොරොන්දු වන්න. නැවත විවාහ වුවහොත්, මගේ පුතුන් ඇගේ පුතුන් හා සටන් කරාවි. මෝගල් අධිරාජ්‍යය රුධිරයෙන් නැහැවී යාවි…. දරුවන් සියලු දෙනාට එකිනෙකාට ආදරය කරන්න උගන්වන්න… ඔවුන් සියලු දෙනාට සමව සලකන්න.”

”මම පොරොන්දු වෙනවා”

”ඒ වගේම පොරොන්දු වන්න…” දිගු නින්දකට වැටෙන්නට පෙර සදාකාලිකවම තම හදවතට සහනය ලඟා කරවන වචන පෙළක් ෂා ජහාන් අධිරාජ්‍යයාගේ මුවින් අසා ගන්නට ඇයට අවශ්‍යව තිබිණි… ”මේ අර්ජුමාන් කවදාවත් අමතක කරන්නේ නැහැ කියා.”

”නැහැ. කවදාවත්ම අමතක කරන්නේ නැහැ.”

සිය මුහුණ කඳුළින් තෙමි යද්දී ෂා ජහාන් අධිරාජ්‍යයා තම මුහුණ නැඹුරු කොට ඇගේ දෙතොල් සිප ගත්තේ ය. ජීවිත කාලය පුරා එකමෙක හදවතකට ප්‍රේම කළ අදරවන්තියගේ අවසන් සුසුම් පොද තම ප්‍රේමවන්තයාගේ හාදුව සමඟ එකතු වූයේ ය.

Additional information

Weight 375 g
book-author