Description

කෝසල බිම්බ වර්ණනාවෙන් බුද්ධ ප්‍රතිමාකරණය පිළිබඳවත්, ඉන් ලැබිය හැකි ලෞකික හා ලෝකෝත්තර පුණ්‍ය ඵල පිළිබඳවත් උත්කර්ෂවත් වර්ණනයක් සිදුව තිබේ. එමඟින් මෙරට බුද්ධ ප්‍රතිමාකරණ විෂයෙහි නව ජීවයක් ලැබී තිබේ. බුද්ධ ප්‍රතිමාකරණය පිලිබඳ නොයෙක් මතවාද පවතින ථෙරවාද බෞද්ධ සමාජය තුළ බුද්ධ ප්‍රතිමාකරණය සහ එහි අනුසස් පිලිබඳ බුදුරජාණන් වහන්සේගේ මුවට නංවා ඉදිරිපත් කොට තිබීම හේතුවෙන් ඊට න්‍යායාත්මක පදනමක් නිර්මාණය වී තිබේ.  කෝසල බිම්බා වර්ණනාව මහනුවර සමාජයේ රජුගේ පටන් මහජනතාව දක්වා කොතෙක් බල පෑ කෘතියක් ද යන්න එසමයේ බුද්ධ ප්‍රතිමාකරණයේ සහ බණපොත් ලිවීමේ ඇති වූ ඇති විශාල ප්‍රවර්ධනයෙන්ම පැහැදිලි වේ.