Description

ශ්‍රේෂ්ඨ  ලේඛක ලියෙව් නිකලායවිච් තල්ස්තෝයි ළමුන් සඳහා ලියූ තම කෙටිකතා සහ කතන්දර මුද්‍රණය කළේ  ‘හෝඩිය’ හා ‘රුසියානු කියවීම් පොත්’ නමැති පොත් වල ය.  විවිධ ජාතීන්ගේ ජීවිතයෙන්, පැරණි සාහිත්‍යයෙන්  බොහෝ ඉතිහාස පුවත් හා මිත්‍යා කතා තල්ස්තෝයි ඒවාට ඇතුළත් කලේ ය. පුරාණ ග්‍රීක පණ්ඩිතයෙකු වූ ඊසොප්ගේ සරල හා කෙටි උපමා කතා විශේෂයෙන් ඔහුගේ සිත ඇද ගත්තේ ය.

මේ,  දශක කිහිපයකට පෙර මෙරට දරුවන් මහත් ආශාවෙන් කියැවූ, තල්ස්තෝයිගේ කුඹියා හා පරෙවියා නම් උපමා කතා එකතුවෙහි නව මුද්‍රණයකි.

මෙම පොතේ වීරයින් විවිධාකාර ය. මෙහි මිනිස්සු ද, දෙවිවරු ද, සත්තු ද වෙති. එහෙත් ඔවුහු කවුරුන් වුවද කතෘ  හැමටම පෙර ආමන්ත්‍රණය කරන්නේ ළමයින්ට ය. ඔහුගේ වීරයෝ වනාහි වෙස් මුහුණු පැළඳි ළමුන් යයි වරෙක සමහරවිට හැඟී යන්නේ එබැවිනි. එක්කෝ එක් අවස්ථාවක, නැත්නම් වෙනත් අවස්ථාවක වෙස් මුහුණ පැත්තකට ඇද වීමෙන් ළමයින්ගේ දඟකාර හා නැණවත් දෙනෙත් හිටිහැටියේ දිස්නය දෙයි.

Additional information

Weight 200 g
book-author