Description

යුරෝපා ජාතින් මෙරට මාර්ග ඉඳි කළේ ඔවුන්ගේ අධිරාජ්‍යවාදී සහ ධනවාදී අවශ්‍යතා සපුරාගැනීමට හැකි වන ආකාරයට නිසා මෙරට දේශීය ආර්ථිකයේ ප්‍රධාන ස්ථානය ගත් කෘෂිකාර්මික කටයුතුවල නිරත වු ග්‍රාමීය කෘෂිකාර්මික ජනතාව වාසය කළ ප්‍රදේශවල පැවති සංචලන ක්‍රම නොසලකා හැරිය අතර ඒවා නඩත්තු කිරීමට තිබූ අනිවාර්ය සේවා රාජකාරිය වැනි ශ්‍රම ක්‍රම ද ගම්සභාව වැනි පරිපාලන ආයතනද අවලංගු කිරීම හෝ නොසලකා හැරීම නිසා පැරණි මාර්ග කැලෑවැදී විනාශ විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පැරණි අවධියේ මහා මාර්ග ව්‍යාප්තිය පිලිබඳ මහාචාර්ය ඉන්ද්‍රාණි මුණසිංහගේ ලක්දිව මහා මාර්ග සහ ගමනාගමන ක්‍රම නැමැති මෙම කෘතිය අධ්‍යනය කිරීමෙන් මෙරට දේශීයත්වයට මුල්තැන ලැබුණා වු ද ජාතික උරුමය හැඩගැසුවා වූ ද පුද්ගල මෙන්ම භාණ්ඩ සංචලන ක්‍රමවල කැපී පෙනුණ අනන්‍යතාවය පිලිබඳ යථාවබෝධයක් ලබා ගත හැකිවනු ඇත.

Additional information

Weight 200 g
book-author