Availability: In Stock

ළපලු – Lapalu

SKU: 9789553122506

Rs.350.00

In stock

Description

“අම්මේ” යි තවත් එක වරක් කොන්දුරන්නට ඔහුට උවමනා වුවද එය අතිශයින් දුෂ්කර හා වේදනාකාරී විය. යව්වන දේහයක අවසන් හුස්ම පොද වියළි සුළඟට මුසු වන්නට නිමේශයකට පෙට ඔහුගේ මුවින් “අම්මේ” යි ගිලිහිණ. ඒ මරු කතරේ ඒ හඬ අසන්නට කිසිවෙක් නොසිටියද මේ කුඩා ගෙපැලේ නිදිවර්ජිත ස්ත්‍රිය තිගැස්සුණා ය.

“ඇ … ඇයි? මොකද…?”

ඇය ඔහු වෙත නැඹුරු වෙමින් ඇසුවා ය.

“කො…කොයි පිඹුරා?”

“මොන පිඹුරෙක්ද?”

ඔහුට වටහාගන්නට අසීරු වූයේ ඇය පෙරළා නැඟූ ප්‍රශ්නයයි.

“හීනයක් දැක්කාද?”

“නෑ… ඊක හීනයක් නෙමේ… ඇත්තටම මං හිටියේ කාන්තාරෙක.? ඇය ඔහුගේ නළල මත වූ ඕඩිකොළොන් සුවඳ හාත්පස පැතිරිණ.

“දැන් නං රස්නෙ අඩුයි…”

ඔහුගේ ඇසිපිය වහ වහා සැලිණ. ඔහු තවමත් දකින්නේ  ඒ රුදුරු කතරය.

“එහෙනං ඒක හීනයක්…” යි සිතීම පවා සැනසිලිදායක විය.

Additional information

Weight 220 g
book-author