Availability: In Stock

මගියා – Magiya

SKU: BSLKFAST00145

Rs.1,100.00

In stock

Description

දේවාන්  යසෝදරාට පොතක් තෑගි කළේය. යසෝදරා එහි දවටනය සීරුවෙන් නිරාවරණය කොට පළමු පිටුව පෙරළුවාය. එහි දේවාන් ඔහුගේ ඔහුගේ අපැහැදිලි අකුරුවලින් මෙසේ ලියා තිබුණි.

‘ ඔබ ආදරය දෝතින් රැගෙන ප්‍රේම සයුරේ රැල්ලක් වී එන විට මම වෙරළක් වී ඔබ එනතුරු බලා සිටින්නෙමි.'

‘ඔබත් දෙවානුත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා නේද?…. කොහොමද ඒ ප්‍රේම සම්බන්ධය කැඩුණේ?' දෙවාන්ගේ ජර්මන් බිරිඳ අනබෙලා පැකිළීමකින් තොරව යසොදරගෙන් කාරුණිකව ඇසුවාය.

‘අපේ ප්‍රේම සම්බන්ධය කැඩෙන්න ඒ යුගයේ ස්වභාවය බලපෑවා. ඒ යුගයේ ආදරයට වඩා  වැදගත් යයි කියූ පුරුෂර්තයන්ගෙන් සමාජය ගැබ්බර වෙලා තිබුණා… ඒ උණුසුම් රැල්ලට දෙවානුත් අසුවුණා.'යසෝදරා සෑම වචනයක් ම අර්ථ ගැන්වෙන අයුරින් පිළිතුරු දුන්නා ය.

Additional information

Weight 700 g
book-author