Availability: In Stock

මඟුල්තුලාවේ වගතුග – Magulthulawe Wagathuga

Rs.200.00

In stock

Description

උරුමය පුස්තිකා මාලාවේ 11 වැන්න ‘මඟුල්තුලාවේ වගතුග’ ය. මෙයට පාදක වී තිබෙන්නේ හත්කෝරලයේ වැව්ගම්මානවල ඇත්තන්ගේ විවාහ මංගල්ලය හා බැඳුණු ජනසම්ප්‍රදාය වේ. විවාහය ජීවන අවශ්‍යතාවයකි. ඊට නිසි සුදුසුකමක් තිබිය යුතු ය. එනම් තාරුණ්‍යයට පත් වූ සැණින් හෝ  ජවයෙන් පිරිපුන් වූ පමණින් සිරිත් සම්මත විවාහයකට සුදුස්සන් නොවේ. එහෙයින්, චිරාගත සිරිත් හෙවත් ජනසම්ප්‍රදායන් අනුගමනය කළ යුතු ය. තරුණයෙකු නම් විවාහයට පෙර හේන් – කුඹුරු ගොවිතැනට සහ කැලයේ සැරිසැරීම පිලිබඳ ව මන කුසලතා ඇත්තකු බව සිය මාමණ්ඩියට ඔප්පු කර පෙන්විය යුතු ය. තරුණියන් ද ගෙදරදොර කටයුතු පැදුරු වියමන මෙන් ම ආහාර පිසීමේ ක්‍රියාවලියට දක්වන බුහුටිකම සිය නැන්දම්මාට පෙන්විය යුතු ය. එසේ ප්‍රයෝගික අභ්‍යාසයන් සපුරාලිය යුත්තේ වැව්ගම්මාන ජීවන සම්ප්‍රදාය ගොවිතැන හා බද්ධ වූ පරිසර සාධකයක් වන හෙයිනි.

Additional information

Weight 110 g
book-author