Availability: In Stock

මළගිය ඇත්තෝ – Malagiya Aththo

Rs.490.00

In stock

Description

”එක උගුරක් බොන්න, හිතේ තරහවක් නැති බව පෙන්නන්න,” යි මම අයැදියෙමි.

ඈ සකසුකියක් අතට ගෙන මා දෙසට දිගු කළා ය. මම එහි සකෙ ස්වල්පයක් වැක්කෙරුවෙමි. ඈ එය වහා හිස්කර , ”ආ, රසයි” කියා, සකසුකිය මගේ අතෙහි තබා එය පිරෙව්වා ය. තව ටිකකට පසු, නොරිකො, මා බිම තැබූ සකසුකිය නැවත තම අතට ගෙන මා දෙසට දිගු කළා ය. මම කතාවක් බහක් නැති ව සකෙ වැක්කෙරුවෙමි.

”මගේ ඔළුව කැරකෙනව” යි ඈ හිස බදාගෙන කිවා ය. ”මොනව? දිදාලයක් විතර ඇති සකසුකියෙන් දෙකක් බීල…?  ”මං කොහොමද ගෙදර යන්නෙ? තාත්ත මං ගැන මොනව හිතාවිද? මං එන්න එන්න නරක වෙනවා..”

”බය වෙන්න එපා. මුකුත් වෙන්නේ නෑ. මං තව පොඩ්ඩකින් කෝපි ටිකක් හදාලා දෙන්නම්. එතකොට හරි යාවි.”

”මං ගෙදරින් පිට දී කවදාවත් සකෙ බීල නෑ.”

”මගේ වැරැද්ද. දැන් ඉතින් හිතට ගන්න එපා. මම නේ පෙරැත්ත කෙරුවේ.”

Additional information

Weight 125 g
book-author