Description

Living With A Death Threat

බ්‍රිතාන්‍ය ජාතික විසිතුන් හැවිරිදි ජැකී, ඊජිප්තුවේ සංචාරයක දී හමුවන ඊජිප්තු ජාතික ඔමාර් සමඟ පෙමෙන් බැඳෙන්නේ  අහම්බෙන් ඇතිවන සිදුවීමකිනි.

සතියක කෙටි ඇසුරකින් පසු ඇය ,ඔහු හා විවාහ වන්නී ය. දෙමවුපියන්ගේ කිමටඩ් ද පිටුපාමින් අනතුරුව ඊජිප්තුවේ ස්ථිර පදිංචියට පැමිණෙන ජැකී, තම ස්වාමිපුරුෂයාගේ සැබෑ ස්වරූපය අනාවරණය වීමත් සමඟ සිය ජීවිතයේ මහා ඛේදවාචකයකට මුලපුරන්නීය. ඔමාර්ට දාව දියණියන් දෙදෙනකුගේ මවක් වන ඇය,ගබ්සාවන් දෙකකට ගොදුරුවෙමින් තිරස්චින අතවරවලට හා අපමණ කෘරකම්වලට ද මුහුණ දෙයි. අනතුරුව ඇයගේ එකම පරමාර්ථය වන්නේ මේ අපා දුකෙන් ගැලවී යළි එංගලන්තයට පලා යාමයි.

මුසලිම් බිරිඳක් එසේ පලාගිය විට මුස්ලිම් නීතිය අනුව ‘ෆට්වා' නමින් හැඳින්වෙන මරණීය නීතිය ක්‍රියාත්මක වන බව ඇය නොදැන සිටියා නොවේ.

එහෙත්, ජැකී ඒ සඳහා ධෛර්ය සම්පන්නව තිර අදිටනින් යුතුව මුහුණ දීමට තීරණය කළා ය.

‘මරණයේ සෙවණැල්ල' ලෙයින් කඳුලින් ලියැවුණු ඇගේ අනුවේදනීය සත්‍ය කතාවයි.

Additional information

Weight 425 g
book-author