Availability: In Stock

මතක සමග ලට්ට ලොට්ට – Mathaka Samaga Latta Lotta

SKU: 9786246018009

Rs.800.00

In stock

Description

W. ජයසිරි !

ඔහුගේ රූපාකාරය බෝලාකාරය. චිත්තකාරය. බෝලාකාරය.

මට ඔහුගේ නම ලියවෙන්නේ ඉංග්‍රීසි සිංහල මිශ්‍ර සිංගිලිස්වලිනි. සිංගිලිස්වලින් කී විට කිසිවෙකුට නමක් පාරිශුද්ධ නැත. හේ කලවම් ය, කලවම් ය. මේ මිනිහාට ශුද්ධ ජාන ඇතැයි මා විශ්වාස කරන්නේ නැත. එයට හේතුව මේ මනුස්සයා පාරිශුද්ධ ජාතියක්, නිර්මල සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැති එක ය. නිර්භය මේකා ”දේශද්‍රෝහී බල්ලා” නමින් ස්වකිය කැඩපත් චායාව පොතක් ලෙස ලිවේ ය. සමරිසි අයිතිය නිසි රිසි ලෙස පිළිගන්නා හෙතෙම ස්ත්‍රී ලෝලී ලෝභිත්වය ”සිරිසේන සහ තෙපානිස්” ලෙස අභිතව නිර්වස්ත්‍ර කළේ ය. ජයසිරි මංගලම් කියා ජයසිරිමා බෝ මූලයෙහි මධුපනෝත්සව ප්‍රතිපදාව යෝජනා කළේ ය. කටකාර වාචාල මුකරියා සංවාද ප්‍රිය බහුබාණියා ය. සුභාෂිතය සමඟ ශේක්ස්පියර් එකට ගැට ගසා හැම්ලට්ගේ බෙල්ලේ තොණ්ඩු මාලදාමයක් එල්ලීමට තරම් තැන්වැසි නුවණැති බහුශ්‍රැතයා ය. මේ සතතාභියාසවර රංගධර ප්‍රවීණයා ඕනෑම භූමිකාවක් රූපණයෙහි ලා හැඩ වැඩ බෝලාකාර මිනිසෙකි. අශිෂ්ට වනචරයාත් සංයත භික්ෂුවත් නගරං චණ්ඩියාත් සෝපාහාස් උත්ප්‍රාසකයාත් නළුවරණයට උචිත ලෙස මේ බෝලයාගෙන් කපා කොටා ගත හැකිය. ශතවර්ෂ තුන්කාලක් කලා සාහිත්‍ය ලෝකයේ ලයිව් සිවිල් පොරකි. පොර සාතිශය පරිකල්පනීය ගේය පද ලියූවෙකි. සකල කලා වල්ලභන් වර්ගයේ ශ්‍රී ලාංකික යුනික් මිනිසෙකි. ඇත්තට ම අපෙන් එකෙක් වූ මේ මිනිසා අපේ ජීවිත මහාවංශයේ විසල් පරිච්චේදයකි. හිත ගත බිඳී, ලොව ම එපා වී, කලකිරුණු මොහොතක හිස තියන්නට හයිය ඇති අදර උරහිසක් ඇති ප්‍රාණ සම මිතුරෙකි. අප්‍රමාණ ප්‍රේමවන්ත දුර්ලභයෙකි.

හෙතෙම ගෝලාකාර බෝලාකාර මිනිසෙකි.

– උපුල් ශාන්ත සන්නස්ගල –

Additional information

Weight 375 g
book-author