Availability: In Stock

මැයි මාර ප්‍රසංගය – May Mara Prasangaya

SKU: 9786245594252

Rs.700.00

In stock

Description

”සීනි තේ කොළ තිබුණු පළියට, උණුවතුර තිබුණු පළියට ඒක තේකක් වෙන්නෙ නෑ. පුංචිම පුංචි තේකක වුණත් තව බොහෝ දේ සිද්ධ වෙන්න පුළුවන්. හරියට ජීවිතේ වගෙම තමයි. රසෙහි අතුරු පාරවල් තියෙනවා දහස් ගණන්. ජීවිතෙත් එහෙමනෙ. වැදගත්ම දේ තමයි තේ එකක් වගේම ජීවිතය ඇල් මැරෙන්න බෑ. දෙකම උණුසුම්ව තියෙන්න ඕනි. තේකක් කියන්නෙ පැණි රසම නෙවෙයි. ජීවිතය කියන්නෙත් පැණි රසම නෙවෙයි. තේ එකක පැණි රස කියන්නේ හරියට ජීවිතේ මතුපිට සිනහව වගේ දේකට. වැදගත්ම දේ තමයි ජිවිතයේ ඇතුළු හිනාව. අන්න ඒක තේ එකකත් තියෙන්න ඕනේ. ආදර කතන්දරයක් ලියද්දි ඔන්න ඔය කාරණේ අපි තදින් හිතට ගන්න ඕනෙ. දකිනවා, හමු වෙනවා, යාළු වෙනවා කසාද බඳිනවා කියන සාමාන්‍ය ඕලාරික සිද්ධි දාමය වෙනුවට ඒ තුළ සැඟවිලා තියෙන අතුරු පාරවල්වලට ඇතුළු වෙන තැන් හොයාගන්න ඕන. ඊට පස්සේ අතුරු පාරවල්වල කෙළවරටම යන්න ඕනි. සරල සාමාන්‍ය තේ එකකට අපිට එකතු කරගන්න පුළුවන් කුරුඳු, කරදමුංගු, කරාබුනැටි,  වසාවාසි, සූදුරු, මාදුරු, උළුහාල් වගේ අලංකරණ. ඕනි නම් දෙහි බින්දු දෙක තුනක්. සැර මීදුම තියෙන දෙසැම්බරේට නං ගම්මිරිස් කුඩු පොඩ්ඩක්….”

Additional information

Weight 130 g