Availability: In Stock

මේ බදාදානං බෑ – Me Badadanam Be

SKU: 9789556779929

Rs.400.00

In stock

Description

දොස්තර මහතා පහතට නැඹුරු වී දරුවා ප්‍රසූත කළ ස්ත්‍රියගේ පොරෝනය ඇගේ ළය මට්ටමට සැකසුවේ ය.

”ඔයාට බයවෙන්න කිසිම හේතුවක් නෑ.” ඔහු නැවත කිවේ ය.

”ඔයාගේ බබා ඉතාම නිරෝගී, සාමාන්‍ය දරුවෙක්.”

”ඔහොම තමයි මට එයාල මගේ අනෙක් ළමයි ගැනත් කීවෙ… නමුත් මගෙ ළමයි තුන්දෙනෙක් මට නැති වුණා… ඔව් ඩොක්ටර්…පහුගිය දහඅට මාසෙ ඇතුළත මට මගෙ ළමයි තුන්දෙනාම නැතිවුණා… ඉතින් ඩොක්ටර් මම නිතරම මගේ අලුත් බබා ගැන අහන එක වැරදිද?”

”තුන්දෙනේක්ම…?”

”ඔව් ඩොක්ටර්… මේ අවුරුදු හතරක් ඇතුළත මට ලැබුණ හතරවෙනියා …”

දොස්තර මහතා අපහසුවෙන් පියවර දෙක තුනක් එහා මෙහා ගියේය.

”ඩොක්ටර්…ඩොක්ටර්ට තේරෙනවද මන්ද මං කියන දේ… මගේ දරුවෝ තුන්දෙනේක්ම මැරුණ එක…එක්කෙනෙකුට පස්සෙ එක්කෙනෙක්…පෝලිමට මැරුණ එක…එහෙම මැරෙන හැටි දැකපු එක… ඩොක්ටර් මොකද හිතෙන්නෙ ඒ ගැන..? මට මේ දැනුත් ගුස්ටාව්ගේ මූණ පේනව පේනව වගේ. එයා මේ දැනුත් මගෙ ළඟ නිදාගෙන ඉන්නව කියලයි මට හිතෙන්නෙ…එයා කොච්චර ලස්සනද… ඒ වුනාට හැමතිස්සෙම ලෙඩ…”

 

Additional information

Weight 230 g