Description

සිංහල නඟුල, අතීත ශ්‍රී ලාංකික වී ගොවියාගේ අපූර්වතම තාක්ෂණික මෙවලමක් වෙයි. පුරන් වූ පොළෝ පස සාරවත් කරගැනීමට භාවිත කළ හැකි සරල, එමෙන් ම  තාක්ෂණයෙන් අනූන මෙවලම නඟුල යි. වැවේ හදවත සොරොව්ව නම්; කෙතේ හදවත නඟුල යැයි නො බිය ව කිව හැකි යි. එහෙත්, අද දවසේ නඟුලේ ශ්‍රී විභූතිය අප කෙත්බිම්වලින් ගිලිහී යමින් තිබෙයි. ඊට එරෙහි ව පුරන් වන අතීත උරුමයේ බිම් පෙරළීමට ”නඟුලේ වගතුග” පුස්තිකාවෙන් අදහස් කෙරෙයි. මෙමගින් කථාබස් කරන්නේ 100 කට තරම්  ඔබ්බෙහි හත්කෝරලයේ ගොවීන් භාවිතා කළ  සිංහල නඟුලේ වගතුග යි.

Additional information

Weight 90 g
book-author