Description
නිකිණිය සේම කටුක වූ වන්නි වන පෙතින් ඈතට යමින් සිය දසවන නවකතාව නිකිණි නමින් රචනා කරනශාන්ති දිසානායක, දෙමාපියන් අහිමි කුඩා බිනරගේ ඇසින් ජීවිතයේ සතුට ශෝකය අපූර්වාකාරයෙන් ගෙත්තම් කරයි. බිනරගේ ආබාධිත යෙහෙළිය නිකිණි ද , ඔහුට යෝධයෙකු වූ කුරුමිට්ටා ද ඔහුගේ වීරවරිය වූ ජානකී නැන්දා ද, රුපියල් ශාතම හඹායන ශ්රීමති ලොකු අම්මා ද පාඨක සිත් සතන් තුළ ඇතිකරන සියුම් භාව කම්පනය සැබවින්ම වෙනස් අත්දැකීමක් තිලිණ කරයි.