Description
ඇය එම ඉරියව්වෙන් කොපමණ වෙලාවක් සිටියේ දැයි මතක නැත. එකවරම පසුපසින් නැඟුණු වියළි කොළ පෑගෙන හඬකින් තිගැස්සී ගිය ඇය, පසුපස හැරී බැලුවා ය. එවිට ඇගේ විස්මයට හේතුවන පරිදි කොණ්ඩය කඩා පිට මැද්දට ඉහිරවාගෙන සිටි තරුණියක් ඇයගේ පසුපසින් සිටගෙන සිටිනවා දැකගත හැකිවිය. අඳුරේ වුවද ඇයගේ මුහුණ දැඩි සුදුමැලි පැහැයකින් යුක්ත බව රසාංගිට හොඳින්ම පෙනී ගියේ ය. කෙවිනි තුළට ගිලී ගිය මලානික දෑස හා වියළී ගිය දෙතොල් තරුණියගේ මුහුණට එක්කර තිබුණේ භයංකාර බවකි.