Description

The Crystal egg

එ තුළින් තාරකා දිලුණේ ය!

ඒ පෘථිවියේ සිට පියවි ඇසට දිස් වෙන තුන් ලක්ෂයක් තරම් සුළු තරු සංඛ්‍යාවක් නොවේ. ලගාෂය පිහිටා තිබුණේ සුවිසල් තරු පොකුරක් මධ්‍යයේ ය. ආත්මය හාරා පාරාලන ඓශ්චර්යයකින් ප්‍රබල තාරකා තිස් ලක්ෂයක් ඒ සීතල අඳුරු ලෝකයට ඉහළින් දිලුණේ ය.

තෙරිමොන් වැනි වැනී දේ පයින් නැඟිට ගත්තේ ය. ඔහුගේ උගුරෙහි හුස්ම හිර වෙන ගතියක් දැනිණි. අධික භීතියකින් ඔහුගේ සිරුරේ සෑම මාංශ පේශියක් ම ඇඹරී යන්නාක්  වැනි වී ය. ඔහුට දැනුණු භිෂණය දරාගත නොහැකි වී ය. ඔහුගේ පියවි සිහිය අහිමි වී යමින් තිබිණි. ඔහු ඒ බව දත්තේ ය. ඔහුගේ මනසේ කිසියම් හෝ තැනක සවිඥානයේ අවසන් බිඳිත්ත ඒ කාල වර්ණ භීෂණයට එරෙහි ව නිරපේක්ෂ සටනක යෙදෙමින් සිටියේ ය. විශ්වයේ ආලෝකවත් පවුරු බිඳී ඒවායේ කාල වර්ණ කැබැලි ඔහු යට කර තළා පොඩි කර දැමීමට ඇද හැලෙමින් තිබුණාක් මෙන් ඔහුට දැනිණි.

Additional information

Weight 300 g
book-author