Description

උපන් විගස මව් සෙනෙහස අහිමි වන දරුවෙක් මේ නවකතාවේ ප්‍රධාන චරිතයයි. සමාජය තුළ විඳින්නට හැකි සෑම ආකාරයකම දුක් ගැහැටකම්වලට මුහුණ දී අවසානයේ ජීවිතයට වාසනාව උදා කරගන්නා ආකාරය මේ නවකතාවෙන් පැවසේ. ධනාත්මක අදහස් සමාජය තුළට කවන්නට සමත් නවකතාවක ලෙස මෙය හැඳින්විය හැකි ය.

ඔව්,

දැන් මට ගෙයක් නෑ… දොරක් නෑ …

අම්මෙක් නෑ … අප්පෙක් නෑ…

යාළුවෙක් නෑ… නෑදෑයෙක් නෑ…

“පුංචි මහත්තයාගේ අම්මා ලස්සන විතරක් නොවෙයි, හරිම බෝනික්කා. මේ වත්ත උඩින් තමයි උදේ හවස ඉස්කෝලෙ ගියේ. අර වෙළෙන් එගොඩහ තමයි හිටියේ. දවසක් දා මේ වගේ ලොකු වැස්සක් වැස්සා. පුංචි නෝනා ගෙදරට ආවා වැස්සෙන් බේරෙන්ඩ…”

Additional information

Weight 210 g
book-author