Availability: In Stock

ප්‍රේම පුරාණය – Prema puranaya

Rs.275.00

In stock

Description

ප්‍රේම පුරාණය බොහෝ දෙනෙකු ගේ ප්‍රේමයට පාත්‍ර වූ වගට මේ තෙවන මුද්‍රණය ද සාක්ෂියකි. එය ප්‍රේමයේ රොමැන්තික මායාව බිඳ ගෙන ජීවිතය සොයා යන නිර්මලා ගේ කතාව පමණක් නො වේ . ඇය  ලිංගික අකර්ශනයේ ද ශෝක චක්‍රය ඉක්මවා ගිය නව ශාන්ති මාවතක් සොයන්නී ය. ඇය අසන්නේ දෙදෙනෙකු අතර ඇතිවන ප්‍රේමයක බලගතු මන්ත්‍රය ප්‍රභාකරන්ට ප්‍රේම කරන්නට යොදා ගත නො හැකි ද යන්නයි.

නිර්මලා තමා ගේ ජීවන අත්දැකීම් පමණක් නො ව අනුන් ගේ ජීවන වෘත්ත ද  නව ශාන්ති මාර්ගයකට විලක්කු එළි බවට පත් කර ගන්නී ය. ඇය පෞද්ගලික පරාජයන් ශක්ති ප්‍රවාහයක් බවට පත් කරන්නට තැත් කරන්නී ය. නිර්මලා ශුද්ධ ස්වරයක්, බ්‍රහ්ම සංකේතයක් හා ගැඹුරු දේශපාලන වන කැළැල් සුවයට ප්‍රේමයේ නව බසක් සොයන්නී ය.

නිර්මලා සොයන්නේ පුණ්‍යවන්තයන්ට හා පිළිගත් සුචරිත නියමයන් ගේ වෙස් මුහුණු පැළඳ සිටින්නන්ට පමණක් නො ව සියලූ පව්කරයන්ට ද ප්‍රේම කළ හැකි මාර්ගයකි.

Additional information

Weight 170 g
book-author