Description

Psycho

සිග්මන් ෆ්‍රොයිඩ් මනෝවිද්‍යාඥයාගෙන් මනස ගැන කෙරුණ  හෙළිදරව්ව නිසා පසුගිය සියවසේ කලාවන්ට වූ බලපෑම කාල් මාස්ක්ගෙන් කලාවන්ට සිදු වූ බලපෑම හා සමාන යැයි සිතමි. ෆ්‍රොයිඩ් සංකල්පයන් පරිහරණය කලෙක ලොව විලාසිතාවක් බවට පත් විය. රොබට් බ්ලෝච් නම් ඇමෙරිකානු ලේඛකයා විසින් ලියන ලද ‘සයිකො' නවකතාව බොහෝ ජනප්‍රිය වීමට එක හේතුවක් වන්නේ ඇල්ෆ්‍රඩ් හිච්කොක් නම් ශ්‍රේෂ්ඨ සිනමාකරුවාගෙන් එය අසාමාන්‍ය සිනමා නිර්මාණයක් බවට පත්වීම ය. හැදෑරීම්වලට ලක්වන ලොව උසස් සිනමා කෘති අතර මෙය අද ද ප්‍රමුඛස්ථානයක් ගනියි. භීතිය රැඳී පවතින්නේ අඳුරු සෙවණැලි තුළ නොව හිස් කබල තුළ ඇති කුඩා ලෝකයේ බව බ්ලොච් කියයි. කථාවේ එන හුදු පුද්ගලවාදී තේමාව හා ඒ කෙරෙහි පවතින ධනේශ්වර ක්‍රමයේ වාස්තවික බලපෑම ගැන ද රචක අවධානය යොමු වන නිසා ‘Psycho' ජනප්‍රිය සම්භාව්‍ය නවකතාවක් බවට පත්ව ඇතැයි  මට සිතෙයි. මෙහි මුද්‍රණ කිකිහිපයක්ම මේ වන විට නිකුත් කිරීමට සිදුවීමෙන් පෙනී යන්නේ එහි පවත්නා සරවත්කම හා ඉහළ ජනප්‍රියතාවයි. පාසල් පුස්තකාල භාවිතය සඳහා ද අනුමත මෙය රොද බැඳ ගෙන කියවිය යුතු රසවත් නවකතාවකි.

Additional information

Weight 320 g
book-author