Description

“උඹලට සුද්දෙකුගෙන් හිඟමන් ලැබිල වගෙයි…” ඔහු ඕ ලාන්ට පැවසුවේය. ඈ සුපුරුදු පරිදි නිහඬව සිටියාය. එහෙත් බාල දරුවා තම දක්ෂකම ගැන උජාරුවට පත්වෙමින් කතා කළේය.

“මමයි ගෙනාවේ….ඕව මගේ….මම ගෙනාපු මස්…. මස් ගාතෙකින් කෑල්ලක් කපලා ලෑල්ල උඩ තියලා මස් කඩකාරයා අහකට හැරෙනකල් ඉඳලා මම මස් ගෙනියන්ඩ ආපු නාකි ගෑනිගේ අත යටින් රිංගලා මස් කෑල්ල උස්සන් දිව්වා. දුවල පාර අයිනෙ තිබුන හිස් වතුර බාල්දියක් ඇතුළෙ හැංගිලා හිටිය අයියා එනකල්…”

“මං ඔය මස් කන්නේ නැහැ…!” වාං ලුන් ගුගුළේය.

“හිඟා කාලා හරි සල්ලි වලට ගන්නවනම් මිසක හොරකම් කරපු මස් අපි කන්නේ නැහැ…අපි හිඟන්නො උනාට හොරු නෙවෙයි…”

එසේ පැවසූ ඔහු භාජනය මත වූ මස් කැබැල්ල ඇඟිලි දෙකින් අල්ලා බිමට විසි කළේය. ඔහුට බාලයාගේ හැඩීම නෑසුණා සේ විය.

ඕ ලාන් සුපුරුදු ගමන් ලීලාවෙන් එහි පැමිණ මස් කැබැල්ල අසුලා වතුරින් සෝදාගෙන නැවතත් භාජනයට දැම්මාය.

“මස් කියන්නේ මස්!”

ඈ සෙමෙන් පැවසුවාය.

Additional information

Weight 500 g
book-author