Description
ඇය සිය දීප්තිමත් නෙත් දල්වා සිනාමුසුව සිහින් හඬින් මෙසේ ඇසුවාය. “මම එච්චර ලස්සන නෑ නේද යුවාන්? මං වයසට ගිහින්. සුදු මැලි වෙලා එහෙම නේද යුවාන්?” යුවාන් වහා මෙසේ පැවසුවේය. “නෑ, නෑ, ඔයා ඉස්සර වගේම ලස්සනයි..එහෙත්..” එවිට ඇය පෙර පෙර දාමයෙන් සරදම් සිනාවෙන් යුතුව කතා කරන්නට වූවාය. “මොකද මම මෙයාව කසාද බඳින්ඩ කියලා ගත්ත තීරණේ ඒ තරම් හොඳ නැහැ නේද? මට උවමනා නම් මීට වඩා වෙනස් තීරණයක් ගන්න තිබුණ නේද අයියා? මම හරි මෝඩයි දඩබ්බරයි නේද? අපේ පුංචි අම්ම නම් එහෙම කියනවා මම අහගෙන. අම්ම නම් එහෙම කිව්වෙ නැහැ. ඒත් එහෙම හිතාගෙන ඇති…”
ඇගේ දේදුණු මෙන් නැමුණු දෙබෑම යට සැඟවුණු දෑස් පෙර මෙන්ම දීප්තිමත් වුවද ඒවායේ කිසියම් හිස් බවක් දක්නට ඇතැයි සිතූ යුවාන් නිහඬව සිටියේය. ඉන් ඉක්බිතිව ඔහු ඇය සමග හුදෙකලාව කතා කළේ නැත. එම දින කීපය තුළ සෑම රාත්‍රියකදීම ඇය නේක වර්ණ සේද වස්ත්‍රයෙන් සැරසී ඔවුන් ඉදිරියට පැමිණියද යුවාන් සෑම විටම ඇය දුටුවේ ආගන්තුක තැනැත්තියක් ලෙසිනි.