Availability: In Stock

උන්මාත – Unmatha

SKU: 9786245579181

Rs.1,650.00

Description

එය, ලාංකේය ඉතිහාසයේ අඳුරුතුම පරිච්ඡේදයක් විය!

යක්ෂයෝ දෙරණ අරා සිටියෝය. මූසල නිහඬියාවකින් රටම වෙළී තිබිණි. වෙනදා දෙනෝ දාහක් සෙනඟ ගැවසෙන්නාවූ වීදි ජන ශුන්‍යව තිබුණි. උන්මාද ඝාතකයෝ නිදැල්ලේ සැරිසරති. හදවත උගුළා දමන ලද නිරුවත් මළ සිරුරු කොළඹ පුරා හමුවෙයි. ඔවුන්ගේ රුධිරය දරණිතලය පොඟවමින් තිබිණ: ආත්ම, යුක්තිය ඉල්ලමින් පරිසරය සිසාරා මොරදෙමින් තිබිණ.

ඉදින්, මේ යක්ෂයාගේ හෝරාව නොවන්නේද?

විලියම්ස් ඉන්ස්පැක්ටර් පුවත්පත් වාර්තාකරු ෆ්‍රැන්සිස් අභිරහසේ පැටලුම් අතර සැරිසරති. නමුත්,
ඝාතකයා හමුවෙයිද?
ඉතිහාසය නැවත නැවතත් එකම ලෙසින් ලියැවෙයි. වීරයෝ තැනෙති. දුෂ්ටයෝ තැනෙති. මහා පාවාදීම් සිදුවෙයි.

එකල්හි, ශුද්ධවන්තයෝ, සිංහලයාගේ භූමිය වෙනුවෙන් සටන් කරති.

ඔවුහු අරගල කරන්නෝය; කැරලි ගසන්නෝය; සිංහලයාගෙන් උදුරාගත් භූමියේ අයිතිය වෙනුවෙන් විරුවන් තනන්නෝය; සටන් කරන්නෝය.

ඔවුන් තම මාතෘ භූමියේ අයිතිය නැවත දිනාගනීද?

මෙකී අඳුරු කාල පරිච්ඡේදය පිළිබඳ ලියැවුණු කඩදාසි දවා හළු කර දමා ඇත.

කාලයාගේ ඇවෑමෙන් සැඟවී ගියා වූත් බලහත්කාරයෙන් මකා දමන ලද්දා වූත් ලාංකේය ඉතිහාසයේ අඳුරුතුම කාල පරිච්ඡේදයේ කතන්දරය මෙයයි.

ඉදින් මේ එකම එක සාක්ෂියයි.

Additional information

Weight 565 g