Description

ඕනෑම සමාජයකට නීති පද්ධතියක් තිබිය යුතු ය. ඒ සමාජීය පැවැත්ම වෙනුවෙනි. වරිගසභාව එවැන්නකි. එය නීති පද්ධතියක් වුව ද ලිඛිත අනඥාවක් නොවේ. පරපුරින් පරපුර පවත්වාගෙන යන්නා වූ සම්මතයන් එකතුවකි. එමඟින් සමාජීය යහපැවැත්ම තහවුරු කරගනී. දැනට හඳුනාගෙන ඇති වරිගසභා නීති පද්ධතිය සම්මුතීන් ලෙස හැඳින්විය හැකි ය. එම සම්මුතීන් බිඳීම සමාජ විරෝධී ක්‍රියාවකි. එවිට දඬුවම් තීන්දු කෙරේ. දඬුවම් දීම හා යම්බඳු ගැටළුවක් ඇති වී තිබේ නම් ඒවා විසඳාගන්නා ආකාරය විධිමත් සමාජ රාමුවක් යටතේ සිදුවූවකි. එබැවින් වරිග තීන්දු ගනු ලබන්නේ පිළිගත් සම්මුති පද්ධතියක් යටතේ ය.

වරිගසභාව  තොරතුරු ඇතුළත් වන්නේ පුරාණ හත්කෝරලයේ වරිගසභා ඇසුරෙනි. වරිගසභාව ග්‍රාමයන් හි පැන  නඟින සමාජීය ගැටලුවලට පිළිතුරු සොයා ගත් සම්මත රාමුව ය. එය වසර දහස් ගණනක උරුමය කි. 1960 දශකයේ පවා වරිගසභා සම්මුතීන් ක්‍රියාත්මක වූ බවට වාර්තා වේ. ඒ අනුව දැනට වසර 50ක තරම් සමීප කාලයක සිට ඒ වටිනාකම අප හැරදමා ඇත. එලෙස අතහැර දැමූ  වටිනාකම් පිළිබඳ තොරතුරු මෙයට ඇතුළත් වේ.

Additional information

Weight 65 g
book-author