Description
සෝමාවතී චෛත්‍යය හා අවට නටබුන් නරඹනු පිණිස පොළොන්නරුවට යන මිතුරන් තිදෙනෙකු පුරාවිද්‍යා ගවේෂණයක් සඳහා මහවැලි ගඟෙන් නැගෙනහිර දෙසට ගිය ගුරවරයෙකු ගේ අතුරුදහන් වීමක් ගැන සැලවෙයි. ගුරුවරයා සෙවීමේ කුහුලින් මැඩෙන මිතුරෝ තිදෙනා මහා වන මැද නටබුන් පුරවරයකදී අවිගත් පුරාවස්තු සොරුන් කල්ලියකට අභියෝග කරමින් ත්‍රාසජනක අත්දැකීම් වලට මුහුණ දෙති. තවත් සොමාවතියක් පිළිබඳ විශ්වාසය සත්‍යයක් ද? සින්බෑඩ් නැවියා සඳහන් කරන ඇත් සොහොන පිහිටියේ ඓතිහාසික සොමපුරය අවටද? සත්‍ය සිද්ධීන් හා පුරාණෝක්ති ඇසුරු කොටගත් මෙම නවකතාව පරිසර ගවේෂණයක් වැන්න.