Description
සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව අවිවාදයෙන් පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත්කිරීමේ සාහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය. නූතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණවලට පාදක විය.