Description

වුල්ෆනයන් හෙවත් වියර්වුල්ෆයන් මේ අද්විතීය භීෂණ පුවතෙහි තේමාව යි. ඔවුහු මෑන්හැට්න් නගරයෙහි ම රැළ ගණනින් ජීවත්වෙති. සාමාන්‍යයෙන් ඔවුන් ගොදුරු කරගන්නේ සොයන්නට බලන්නට කිසිවකු නැති මහලු, අසරණ මිනිසුන් ය. තරුණ පොලිස් භටයන් දෙ දෙනකු අඥාන ලෙස ඝාතනය කැරුණු විට, ජෝර්ජ් විල්සන් සහ බෙකි නෙෆ් යන රහස් පරීක්ෂකයන් ඒ රාජකාරිය සඳහා යොදවනු ලැබේ. එහෙත්, නොබෝ කලකින් ම, වුල්ෆනයෝ රහස් පරීක්ෂකයන් දෙ දෙන දඩයම් කිරීම අරඹති. වුල්ෆනයන් යනු වෘකයන් බවට පරිවර්තනය වුණු මිනිසුන් නොවේ. ඔවුහු එහෙම පිටින් ම වෙනස් සත්ත්ව විශේෂයක් වෙති. බොහෝ දුරට ම මිනිසා ගේ මුහුණ වැනි මුහුණු ද, අත් වැනි ගාත්‍රා ද, ආඝ්‍රාණයේ සහ ශ්‍රවනයේ පුදුමාකාර බලයෙහි ප්‍රතිඵලයක් වූ අධිමානුෂික බුද්ධි මහිමයන් ද ඔවුනට ඇත.

Additional information

Weight 415 g
book-author