Description

The Eternal Lover

ටාසන් චරිතය මවමින් ලොව පුරා ජනප්‍රියත්වයක් ලබාගත් ඩඩ්ගාර් රයිස් බරෝස්ගේ ‘THE ETERNAL LOVER' නවකතාව මෙසේ ‘ව්‍යාඝ්‍ර දඩයම' නමින් සිංහලයට පරිවර්තනය වී ඔබ අතට පත්වෙයි. වසර දස දහස් ගණනක් ඈත අතිතයයේ ගල් යුගයේ  යුවළකගේ  පුවතක්  නවකතාවට පාදක වී ඇති අතර එක අතකින් මෙය පුනරුත්පත්තිය පිළිබඳ කියවෙන කතාවක් ලෙස ද හඳුන්වන්නට පුළුවන. අමෙරිකාවේ සිට අප්‍රිකාවට ආ යෞවනියගේ සිහිනයට නිතර නිතර ආ ආදි කල්පික යෞවනයා කවුරුන් ද? ඇය හදිසියේ මුහුණ දෙන භුමිකම්පාවත් සමඟ එඩ්ගාර් ය මෙන් ම පාඨකයා ද කැඳවාගෙන යන්නේ නීතීන්ගෙන් බැහැර වූ ම්ලේච්ච භීෂණය, දළ සහිත ව්‍යාඝ්‍රයන්,පියාඹන දැවැන්ත උරගයන්, ගුහා සිංහයන්, සිරුරු ලොම් වලින් වැඩුණු වානර මිනිසුන් සහිත ජීවිතයකට අගයක් නැති අවධියකට ය.

මෙම නවකතාවේ තවත් එක් විශේෂයක් වන්නේ ටාසන් පොත් පෙළෙන් බැහැරව ටාසන් ගේ චරිතයද මෙයට ඇතුළත්ව තිබීමයි.

 

Additional information

Weight 300 g
book-author