Description

The Lair Of The White Worm

විටෙක මහ පොළොවේ ගැඹුරු කුහරයක සැඟවෙමින් ද…..                                                                                                                                තවත් විටෙක රදළ කාන්තාවකගේ සිරුරෙහි ආවේශය ලබමින්ද….                                                                                                                ආදිකල්පිත රකුසා කල්බලනුයේ…..                                                                                                                                                          කෙළවරක් නුදුටු පලිගැනීම වෙනුවෙනි.

උදෑසන ආහාර වේලාව තුළ ශ්‍රීමත් නැතෑනියල් දුටුවේ ඇඩම් යම් කරුණක් නිසා වික්ෂිප්තව සිටින බවය. එහෙත් පරිණත වයසෙහි සිටි ඔහු නිහඬතාවෙහි වටිනාකම පිළිබඳව විශ්වාසය තැබීය. ඇඩම් යළි නිහඬතාවය බින්දේ කාර්යාල කාමරය වෙත පැමිණි පසුය. ඇඩන්ගේ කතාන්දරයට සවන් දුන් ශ්‍රීමත් නැතෑනියල්ගේ මුහුණෙහි බැරෑරුම් බව දුටු දුටු මුත් ඔහු බොහෝ වේලාවක් නිහඬවම සිටීම ඇඩම්ට මහත් පීඩාවක් විය.

“මේක බරපතළ කාරණාවක්. නිසැකවම. ඒත් මට තවමත් අවසන් නිගමනයකට එන්න තරම් කාරණාවල් ප්‍රමාණවත් නෑ. ඒත් මම හිතුවාටත් වඩා තත්වය බරපතලයි”.

“ඒ ඇයි මහත්මයා?” ඇඩම් විමසීය.

“මුගටියකු මරා දැමීම… කවුරුන් කලා වුණත් ඒ තරම් බරපතළ කාරණාවක්ද?”

ශ්‍රීමත් නැතෑනියල් පිළිතුරු දෙන්නට පෙර දුම් වළලු කිහිපයක් පිටකර හැරියේය.

“ඔව් එහෙම බැලුවාම ඒක ඒ තරම් කාරණාවක් නෙමෙයි. ඒත් යම් බිහිසුණු අනාගතයක පෙර නිමිති මට පෙනෙනවා. සමහර විට අපි හැම දෙනාගෙම ජීවිතයත් මරණයත් අතර ගැටලුවක් වේවි.”

Additional information

Weight 225 g
book-author