Availability: In Stock

ගැට කපන කොල්ලා – Gata Kapana Kolla

Rs.450.00

In stock

Description

“ඔන්න, වත්තෙ මහත්තයා අලුත් කාර් එකක් අරං” තාත්තා ගෙට ගොඩ වෙද්දී ම එසේ කීවේ අම්මාට ඇසෙන්නට ය.

කුස්සියේ වැටීගෙන ළිපේ ගිනි මොළවමින් සිටි අම්මා කෙළින් වී, දුම් වැදීමෙන් ද ඇසින් ගැලූ කඳුළු පිස දමමින් “හැබෑට?” කී නමුත්, ඒ වැඩි කල්පනාවක් නැති ව ය.

ඇගේ අවධානය යොමු වූයේ, තමා හුදකලා ව ම කළ යුතු වූ, පවුලේ දස දෙනාගේ රෑ කෑම පිළියෙල කිරීම වෙත ය.

අපේ පවුල මවු – පිය බෙදෙනගෙන් සහ දරුවන් අට දෙනෙකුගෙන් යුක්ත විය.

කටු මැටියෙන් තනා පොල් අතු සෙවිලි කොට බිමට ගොම ගා තිබුණු, කුඩා කාමර දෙකකින් සහ ඉස්තෝපුවකින් යුත් අපේ ගෙට යාබද ව ම, පොල් අතු වලින් අහුරා සාදන ලද කුඩා කුස්සිය ද විය.

තාත්තා, ස්තෝප්පුවේ පැත්තකට හරවා තබා තිබුණු වංගෙඩිය උඩ හිඳ ගත්තේ ය.

Additional information

Weight 200 g
book-author