Availability: In Stock

රුසියන් ප්‍රන්ස කෙටිකතා – Rusiyan Pransa Ketikatha

SKU: 9789556565881

Rs.400.00

In stock

Description

මෙරට පොදුජන විඤඤාණයෙහි ලෝකදෘෂ්ටිය හා රසවින්දන ගුණය වර්ධනය කරවුණු පිණිස, ප්‍රශස්ත විශ්වසාහිත්‍ය නිර්මාණ සිංහලෙන් පළ කළ යුතු වන්නේ ය යන උතුම් ප්‍රාර්ථනයෙන් යුතු ව කටයුතු කළා වූ ප්‍රාඥයෙකු වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් කෘතහස්ත පරිවර්තකයකු වූ ඒ.පී. ගුණරත්නයන් හා එක්ව වර්ෂ 1944 හා 1945 දී ප්‍රකාශයට පත් කළ ”රුසියන් කෙටිකථා” සංග්‍රහය හා ”ප්‍රන්ස කෙටිකථා” සංග්‍රහයෙන් විශිෂ්ට ගණයේ රුසියානු හා ප්‍රංස කෙටිකථා කිහිපයක් එකල සිංහල පාඨකයන් වෙත ඉදිරිපත් කැරිණ.

වසර 77ක දීර්ඝ කාලයකට පසුව, මේ මාහැඟි කෙටිකතා සංග්‍රහයත් එක ග්‍රන්ථයක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරෙන්නේ විශ්ව සාහිත්‍ය කෘති පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන අපගේ වත්මන් සිංහල පාඨකයන් වෙනුවෙනි.

Additional information

Weight 210 g
book-author