Availability: In Stock

ගෝලියත් අසිපත – Goliyath Asipatha

SKU: 9786245865154

Rs.950.00

In stock

Description

Dourado – A Dane Maddock Adventure

අපි එක විශේෂ දෙයක් ගැන විතරක් හෙව්වේ නැහැ.අපි ඩොරාඩෝ නෞකාවේ සුන්බුන් ගැන ගවේෂණය කළා විතරයි.කේලින් ගේ තාත්තා එයාගේ ජීවිත කාලේ පුරාම මේ ගැන ගවේෂණය කරලා තියෙනවා. ඒ හින්දා මේක ඇත්තටම කේලින්ගේ පවුලේ ව්‍යාපෘතියක්.ඉතින් තාත්තා පටන්ගත්තු ගවේෂණය ඉවර කරන්න කේලින් ට ඕනෑ වුණා.”

ඇන්ජෙලෝ සාක්කුවේ වූ ලයිටරය ගෙන තවත් සිගරට්ටුවක් දල්වා ගත්තේය.ඉන්පසුව ඔහු කෝරි අසලට සමීප වී දැල්වෙන සිගරට්ටුව කෝරිගේ වම් ඇස අසලට සමීප කොට ඔහුගේ කෙස් වැටියෙන් අල්ලාගත්තේය.

”මගේ ඉවසීම දැන් ඉවරයි.තමුසෙලා හොයාගත්තේ මොකද්ද කියලා මම දන්නවා.ඒ ගැන ඉක්මන් කරලා කිව්වොත් හොඳයි.එහෙම නොවුණොත් මේ හාදයා ගේ වම් ඇස අන්ධ වෙයි.”

“ගෝලීය අසිපත නිසා බයිබල් පුරාවෘත්තයක සත්‍යතාව තහවුරු කරන්න අපූරු අවස්ථාවක් ලැබී තිබුණා. හැබැයි පල්ලිය කලේ මේ සොයා ගැනීම ඉස්මතු නොවන්න කටයුතු කරන එකයි. ඒකට හේතුව මොකක්ද කියලා පැහැදිලියි. අසිපත නිසා ගෝලියත් ගේ පුරාවෘත්තය සාමාන්‍ය එකක් නොවන බවට තහවුරු වෙනවා. මේ අසිපත පිටසක්වල ජීවීන්ගේ සුපිරි ශිල්පීය ඥානයෙන් නිර්මාණය වුණ එකක් කියන එක අලුත් මතයක් නිර්මාණය වෙනවා. ගෝලියත් අසිපත සාදා ඇති ලෝහය පෘථිවියේ තිබෙන ලෝහ වර්ගයකට අයත් නොවීම ඒ මතය සනාථ කරන ප්‍රබල සාක්ෂියක්. ඒ අනුව ගෝලියත්ටත් පිටසක්වල සම්බන්ධතාවයක් තිබෙනවා කියන කාරණාව තහවුරු වෙනවා. මේ මතය සභාවේ මූලික ඉගැන්වීම් වලට පටහැනියි. ඒ නිසා තමයි පල්ලිය ගෝලියත් අසිපත සඟවන්න උත්සාහ ගත්තේ…..”

Additional information

Weight 375 g
book-author